ලංකා සිමෙන්ති සංස්ථාව සහ ලංකා සිමෙන්ති සමාගම එක්ව ඉදිරි දශකයේ ‘ලංකා සිමෙන්ති’ නාමය යටතේ මෙරට සිමෙන්ති අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය පියවර ගන්න…! – කර්මාන්ත ඇමති විමල්ගෙන් නිලධාරීන්ට උපදෙස්

දේශිය සිමෙන්ති නිෂ්පාදන වැඩි කර ගනිමින් නව වෙළදපොළ නිර්මාණය කොටගෙන මෙරට සිමෙන්ති අවශ්‍යතාව සපුරාලිය හැකි පරිදි ලංකා සිමෙන්ති සමාගම සහ ලංකා සිමෙන්ති සංස්ථාව එක්ව ඔවුන්ගේ ඉදිරි සැළසුම් සකසන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අද (08) අමාත්‍යංශයේදී පැවති සාකච්ජාවකදී සභාපතිවරුන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. දේශීය සිමෙන්ති නිෂ්පාදනය ප්‍රමිතිගත ලෙස ඉහළ නැංවීමේ වැදගත්කම මෙහිදි ඇමතිවරයා විසින් පෙන්වා දුන් අතර ඉදිරි දශකය ඉලක්ක කර ගනිමින් නව සැළසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදුනි
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරීහු , අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ගාමිණී ඒකනායක, ලංකා සිමෙන්ති සමාගමේ සභාපති මහේෂ් අලහප්පෙරුම, ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.





