`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) විමල් රජයේ සේවකයන් වෙනුවෙන් නැගූ හඬත් ඵල දරයි; චක්‍රලේඛය නිකුත් වෙයි | JNP Sri Lanka | National Freedom Front

විමල් රජයේ සේවකයන් වෙනුවෙන් නැගූ හඬත් ඵල දරයි; චක්‍රලේඛය නිකුත් වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා බාරදීම හේතුවෙන් තම වැටුප අහිමි වී සිටින රජයේ සේවකයින්ගේ වැටුප් වහාම ලබාදෙන ලෙස ජානිපෙ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් ආණ්ඩුවෙන් සිදුකළ ඉල්ලීම මේ වන විට ඵල දරා තිබෙනවා.

පසුගිය මාර්තු 21 වනදා පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී මන්ත්‍රීවරයා විසින් එම ඉල්ලීම සිදු කරනු ලැබුවා.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ පළාත් පාලන මැතිවරණය කල්දැමීම ආණ්ඩු පාර්ශවයෙන් සිදු වූ දෙයක් නමුත් එයින් දැඩි අසීරුතාවයට පත්ව සිටින්නේ අදාළ රජයේ සේවකයින් බවය.

එබැවින් මෙවර අලුත් අවුරුද්දට පෙර ඔවුන්ට වැටුප් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව, 2023/04/06 දින නිකුත් කළ 06/2023 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මඟින් අදාළ ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ 2023/03/09 දින සිට 2023/04/25 දින දක්වා වූ කාලයට අදාළ මූලික වැටුප අදාළ රජයේ සේවකයින් වෙත ගෙවීම සඳහා කටයුතු කරල ලෙසටයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *