විසි දෙකෙන් රිංගා දෙමළ බෙදුම්වාදීන් බලවත් වන 13 බලාත්මක කිරීමේ සැලැස්මක් – ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර

කාරක සභා අවස්ථාවේදී, විසිදෙවන ව්‍යවස්ථා සංශෝධනය තුළට, බෙදුම්වාදයට දිරිදෙන සහ 13 වන ආණ්ඩුකම ව්‍යවස්ථාව බලාත්මක කෙරෙන සංශෝධන ගෙන ඒමට ආණ්ඩු පක්ෂය උත්සාහ කිරීමට ඉඩ ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා පවසයි.
දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය හෝ වෙනත් අන්තවාදී ව්‍යාපාරයක් හෝ බලවත් වන කිසිදු සංශෝධනයක් ගෙන ඒමට ඉඩ නොතබන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ඒ අද (20) දින පැවති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.





