`id` bigint(20) unsigned NOT NULL AUTO_INCREMENT, `url` varchar(1000) NOT NULL DEFAULT '', `res` varchar(255) NOT NULL DEFAULT '' COMMENT '-=not crawl, H=hit, M=miss, B=blacklist', `reason` text NOT NULL COMMENT 'response code, comma separated', `mtime` timestamp NOT NULL DEFAULT current_timestamp() ON UPDATE current_timestamp(), PRIMARY KEY (`id`), KEY `url` (`url`(191)), KEY `res` (`res`) වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ විෂය පථය සමාලෝචන සාකච්ඡාව | JNP Sri Lanka | National Freedom Front

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ විෂය පථය සමාලෝචන සාකච්ඡාව

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ විෂය පථය සමාලෝචන සාකච්ඡා

සාම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි සංවේදී නොවන නීති සකස් කිරීමෙන් එම කර්මාන්ත මෙන්ම දේශීය කර්මාන්තකරුවාගේ ජන ජිවිතය ද බිඳ වැටි ඇති බවත්, වැරදි කරන සුළු පිරිසක් නිසා නීත්‍යනුකූලව කර්මාන්තවල නිරත ජනතාව අසරණ නොකළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් පෙන්වා දෙයි.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද ඊයේ (18) පස්වරුවේ කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමන්ගේ හා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ බව ජනාධිපතිතුමන් පෙන්වා දෙන ලදි.

‘දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා නිලධාරීන් නිර්මාණශීලිව ක්‍රියාකාරීම අවශ්‍යතාවක්. බිම් මට්ටමේ ගැටළු කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුයි. රජය ගන්නා තීරණ බිම් මට්ටමින් ක්‍රියාත්මක වන්නේදැයි පසුවිපරම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. දිගුකාලීනව නිසි අවධානයට ලක් නොවූ පාරම්පරික කර්මාන්ත සංවර්ධනය සැලසුම්සහගතව කළයුතු කාර්යයක්’ යනුවෙන් ජනාධිපතිතුමන් එහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි

‘එක් එක් ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළේ ද එබැවින්. රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා සාම්ප්‍රදායික කර්මාන්තකරුවෝ කනස්සල්ලෙන් පසු වුණා . පසුගිය මැතිවරණ සමයේ රට පුරා කළ චාරිකාවේ දී එය පැහැදිළිව අනාවරණය වූ අතර වේවැල්, පිත්තල, මැටි සහ ලී බඩු ක්ෂේත්‍ර ඇතුළු ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු පුළුල්ව සාකච්ඡා කෙරුණා. ගැටළු විසඳමින් කර්මාන්ත නගා සිටුවීමට කෙටිකාලීන සහ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කොට ඒවා නිරතුරුව පසුවිපරමට ලක් කළ යුතුයි. මැටි ප්‍රවාහනයේ දී සහ මැටි ලබා ගැනීමේදී කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටළු සොයා බැලීමටත්, දැනට වසා දමා ඇති මැටි ආශ්‍රිත නිෂ්පාදන ආයතන නැවත විවෘත කිරීමටත් මම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

සාම්ප්‍රදායික කර්මාන්තවල වැදගත්කම ගැන පාසල් අවධියේ සිට දරුවන්ට අවබෝධයක් දිය යුතුයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ නිබන්ධන සඳහා ද සාම්ප්‍රදායික කර්මාන්ත සුදුසු මාතෘකාවක්. එමගින් කර්මාන්තයේ උන්නතියට විශාල දායකත්වයක් දෙන්න පිළිවන්. එමෙන්ම දේශීය කර්මාන්ත නගා සිටුවීමේ දී පළාත් අමාත්‍යාංශ, රේඛීය අමාත්‍යාංශ සමග මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ වැදගත්කමත්, ක්ෂේත්‍රයට තරුණ පරපුර ආකර්ශණය කර ගැනීමේ අවශ්‍යතාවත් තිබෙනවා. සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට වෘත්තීය වටිනාකමක් ලබාදීම විෂයභාර අමාත්‍යාංශවල වගකීමයි.

කෘෂිකාර්මික අගයක් නැති වගුරු බිම් වේවැල් වැනි කර්මාන්ත ක්ෂේත්‍රයේ වගාවන් සදහා භාවිත කිරීමට පිළිවන්. හඳුන්කූරු නිෂ්පාදනයට යොදා ගන්නා බම්බු කූරු ආනයනයට වාර්ෂිකව විශාල මුදලක් වැය කෙරෙනවා. ඒවා අප රටේදීම නිෂ්පාදනය කිරීමෙන් පිටරටට ඇදීයන මුදල ඉතිරි කර ගැනීමට මැදිහත්වන්නැයි ද මම කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට උපදෙස් දෙනවා’යනුවෙන් ද ජනාධිපතිතුමන් මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *