ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සරයට ජානිපෙ නායකයෝ උණුසුම් සුබපැතුම් එක් කරති!

“අර්බුදයට විකල්ප මඟක්” යන තේමාව යටතේ ඊයේ (03) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සර සමුළුවට උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ උණුසුම් සුබපැතුම් පිළිගැන්විණි.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරමින් පක්ෂයේ ප්‍රධාන ලේකම් පී. ඒ. එස්. විජේසිරි මහතා ද ජාතික සංවිධායක ජයන්ත සමරවීර, ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, දේශපාලන මණ්ඩල සභික ගාමිණී වලේබොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ,
2023-07-04

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *