“සාමූහිකව එකතු වුණොත් අපිට රට විනාශයට යන එකෙන් බේරගන්න පුළුවන්” – විලාසිතා නිර්මාණ ශිල්පිනී ආශ්චර්යා පීරිස්

රට මේ වන විට ගමන් කරන ආකාරය පිළිබදව නිසියාකාරව අවබෝධ කරගෙන, සාමූහිකව එකතුවීමෙන් රට විනාශය කරා යාමෙන් බේරාගත හැකි බව විලාසිතා නිර්මාණ ශිල්පිනී ආශ්චර්යා පීරිස් මහත්මිය පවසයි.

ඒ පසුගිය අප්‍රේල් 25 වන දින, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචනා කළ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය එළිදැක්වීමෙන් පසු තම අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආශ්චර්යා පීරිස් මහත්මිය,

“මම මුලින්ම කියන්නම් ඇයි මම ආවේ කියලා. ඉතිං, මමත් මේ රටේ ඉන්න සාමන්‍ය කෙනෙක්. සාමාන්‍ය වැසියෙක්. ඉතිං, මම හිතනවා රට යන විදිහට අපිට වැදගත් හැමපැත්තෙන්ම, හැමෝගෙම දැනුම එකතුකරගෙන රටට මොකද වෙන්නේ කියලා දැනගන්න.

ඉතිං, මම හිතනවා විමල් වීරවංශ ඇමැතිතුමාට විශේෂ දැක්මක් තියෙනවා….. ඒ වගේම, පරිණත බුද්ධියක් තියෙනවා හැමදෙයක්ම විශ්ලේෂණය කරන්න, තේරුම්ගන්න. ඉතිං, මම හිතනවා එතුමා එතුමාගේ පැත්තෙන් උපරිම උත්සාහය ගන්නවා ජනතාව දැනුවත් කරන්න. ඉතිං, දැනුම්වත්වීම අපේ වගකීම. මම හිතනවා එතුමා වගේම මේ රටේ මේ යන ආකාරය ගැන දැනගත්තොත් මම හිතනවා…. අපි සාමූහිකව එකතු වුණොත් අපිට පුළුවන් මේ රට එතුමා කියන විදිහට අපි යම් විනාශයකට යනවානම් ඒකෙන් බේරිලා යන්න පුළුවන් වෙයි.

ඉතිං, ඒක නිසා මම විශේෂයෙන් පැමිණියේ දැනුම එකතු කරගන්න.”

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *