සෞභාග්‍යවත් – අදීන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් කැප වෙමු! by JNP Media 11/05/2019 | 1:01 0 Posted in කාලීන පුවත් සෞභාග්‍යවත් – අදීන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් කැප වෙමු! 2019 වසර ඇරඹෙන්නේ ද රට සමාජ – ආර්ථික – දේශපාලන – සංස්කෘතික වශයෙන් පරිහානියට ඇදගෙන යන ගමනක් සිදුවෙමින් පවතිද්දී ය. විදේශීය බලවතුන්ගේ උවමනාවන් අනුව සැකසුණු ඒ ගමනේ න්‍යාය පත්‍රය වෙනුවට මේ පොළොවේ ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ උවමනාවන් හා බැඳුණු න්‍යාය පත්‍රයක් ඇරඹීමෙන් පමණක් මේ රට පත්ව ඇති වියවුලෙන් ගොඩගත හැකි බව අපගේ විශ්වාසය ය. එම අභියෝගය ජයග්‍රාහීව කෙළවර කරන වසර බවට 2019 වසර පත්කර ගැනීමට මේ පොළොවට ආදරය කරන සියලු ජනතාව අදිටන් කර ගත යුතුව ඇත. තරුණ පරපුර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්කරන, පාතාලය දිනෙන් දින, තැනින් තැන මිනීමරන අඳුරු වත්මන වෙනුවට අපගේ ඉපැරණි සාරධර්මයන්, හර පද්ධතීන් හා බැඳුණු දීප්තිමත් අනාගතයකට මේ රට ගෙනයාමේ වගකීම ද මේ මොහොතේ සියලු සද්ජනයන් වෙත පැවරී තිබේ. එසේම මේ වසර පුරා මතුවිය හැකි මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ජාතිකත්වයන් සහ ආගම් ඔස්සේ බෙදා වෙන් කරමින් ඔවුන් අතර ගැටුම් සෑදීමේ දේශපාලන කුමන්ත්‍රණවලට ගොදුරු නොවී සිටීමට ද මෙරට සබුද්ධික ජනකොටස් කටයුතු කළ යුතු ය. මේ සියලු කරුණු නැණැසින් විමසා බලා සෞභාග්‍යවත් – අදීන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් කැපවීමට පෙරට එන ලෙස ශ්‍රී ලාංකික ඔබ සැමට ඇරයුම් කරන්නෙමු. සුබ නව වසරක්! විමල් වීරවංශ (පා. ම.) නායක, ජාතික නිදහස් පෙරමුණ 2019.01.01 Related Posts 5 finest matchmaking programs in Georgia (2023) If you are inside south and you’re searching for the best Georgia matchmaking applications 420991971705923799 420991971705923799 About Author JNP Media ඔබගේ අදහස් Cancel replyYour email address will not be published. Required fields are marked *Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ