හෙලිකොප්ටරයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අපේක්ෂකයින් සහ ක්‍රියාකාරීන් දැනුවත් කරයි

නිදහස් ජනතා සන්ධානය පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සහ වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් සහ සාමාජික පක්ෂවල ක්‍රියාකාරීන් දැනුම්වත් කිරිමට එහි නායක මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් සහ සාමාජික පක්ෂවල ක්‍රියාකාරීන් දැනුම්වත් කිරිම අද(11) සවස මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

පහත සටහන් වන්නෙ එම හමුවේ ඡායාරූප කීපයකි.

මෙම දැනුම්වත් කිරීමට නිදහස් ජනතා සන්ධානයේ නායකයෝ වන උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, නිදහස ජනතා සභාවේ සභාපති ඩලස් අලහප්පෙරුම, නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු මහාචාර්ය ජී එල් පීරිස්, නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ, ප්‍රජාන්තත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික ඩිලාන් පෙරේරා, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු එක්ව සිටියහ.

මාධ්‍ය සහ සන්නිවේදන අංශය.
නිදහස් ජනතා සන්ධානය
2023-03-11

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *