ආහාර සහ බීම ආශ්‍රිත ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ ගැටළු පිළිබඳ කර්මාන්ත ඇමතිවරයාගේ අවධානය යොමුවෙයි…

ආහාර සහ බීම ආශ්‍රිත ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ ගැටළු පිළිබඳ සාකච්ජා කිරීමේ අරමුණින් ඇසුරුම් සමාගම්, ඇසුරුම්කරුවන්, ආහාර හා බීම නිෂ්පාදකයින් ඇතුළු ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (18) කර්මාන්ත ඇමති විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙහිදී දියර කිරි ආශ්‍රිත ,පොල් කිරි ආශ්‍රිත සහ පළතුරු බීම ආශ්‍රිත නිෂ්පාදන ඇසුරුම්කරණ ක්ෂේත්‍රය මුහුණදී ඇති ගැටළු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ජාවට බදුන් කෙරිණි. ඔවුන්ට අවශ්‍ය ඇසුරුම්කරණ ද්‍රව්‍ය සපයා ගැනීමේ ඇති ගැටළු සහ ඇසුරුම්කරණ ද්‍රව්‍ය සදහා පනවා ඇති බදු වියදම පාරිභෝගිකයාට දරන්නට සිදුවීම පිළිබදවත් කර්මාන්තකරුවෝ ඇමතිවරයාගේ අවධාණය යොමු කළේය. ඒ සදහා සුදුසු ක්‍රමවේදයන් ඉදිරියේදී වැඩිදුරටත් අධ්‍යනය කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා කියා සිටියේය.

විශේෂයෙන්ම ඇසුරුම් කරන ද්‍රව්‍ය භාවිතයෙන් පසු පරිසරයට මුදා හැරීමේදි ක්‍රමවත් ලෙස එය මුදා හැරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම පිළිබඳවත් නිෂ්පාදන සමාගම් වැඩි අවධානය යොමු කල යුතු බව ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ප්‍රතිචක්‍රීකරණය දිරිමත් කරමින් වැඩපිළිවෙලක් සැකසීමට අවශ්‍ය සැළසුම් ඉදිරියේදී ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටිය හ.

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *