කළකිරුණ 69 ලක්ෂයට විමල් දුන් බලාපොරොත්තුව

හැට නව ලක්ෂයක් වූ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති ධූරයට පත් කළේ ඉතා පාරිශුද්ධ බලාපොරොත්තු පෙරදැරි කරගෙන බවත්, ඒ නිසාම තරුණ දරුවන් චිත්‍ර ඇඳීමට පවා පාරට ස්වෙච්ඡාවෙන් පැමිණි බවත්, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පවුල්වාදයට යට නොවන තරමක් දරදඬු පාලනයක් බලාපොරොත්තු වුවද, එය එසේ සිදු නොවූ බැවින් ඔහුට ඡන්දය ලබාදුන් හැට නව ලක්ෂයක් වූ ජනතාව තුළ කළකිරීමක්, දුකක් සහ වේදනාවක් පවතින බවද උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

“මම හිතනවා ඒක නිවැරැදි කරන්න ඉතිහාසය විසින් අනාගතයේ අවස්ථාවක් නිර්මාණය කරනවා. අපි ඒක කරනවා.”

ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟින් පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *