ජනපති රනිල් “පොහොට්ටු උදවියත් වටේ තියාගෙන” ඉන්දියාවට යළි ආක්‍රමණිකයකු බවට පත්වීමට ඉඩ සලසන ගමනක් යනවා! -උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශගෙන් අනතුරු හැඟවීමක්

එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අනුගමනය කළ අන්ත දක්ෂිණාංශික, ඇමරිකානු ගැති ප්‍රතිපත්තිය, ඉන්දියාව ආක්‍රමණිකයකු බවට පත්කර ගැනීමට ඉවහල් වූ බව පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, අද ඔහුගේ බෑණා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා “පොහොට්ටු උදවියත් වටේ තියාගෙන” ගනු ලබන “ශ්‍රී ලංකාවේ සංවේදී බුද්ධි තොරතුරු සෘජුව ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ නියෝජිතයකු අතට පත් කිරීම” වැනි තීරණ නිසා ඉන්දියාවට යළි ආක්‍රමණිකයකු වීමට ඉඩ සැලසෙන බවට අනතුරු හඟවයි.

ඊයේ(23) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ අනතුරු හඟවනු ලැබීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

“ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,
මෙම යෝජනාව ගැන කරුණු දැක්වීමට පෙර මෙම යෝජනාවට වූ අගතිය ගැන කියන්න ඕනේ. වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමන් පැවසුවා, ‘අපි මුලින්ම විපක්ෂ නායක කාර්යාලයට ලබා දුන් යෝජනාව කුමක්ද?’ කියා. එහි තිබෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මියගේ නම, ඉන්දු – ඇමරිකා කඳවුරක් පිළිබඳව වැනි බොහෝ කරුණු. අන්තිමට ආවේ නපුංසක යෝජනාවක්. ‘ඉහත සියලු කරුණු ඉවත් කර දුන්නොත් තමයි මේ යෝජනාව දාන්න පුළුවන්’ කියා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් පැවසුවා. යෝජනාව ඔහුගේ අත්සනින්, නිල මුද්‍රාව සහිතවනේ යවනු ලබන්නේ. ඔන්න අද රට වැටී තිබෙන තැන. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අපේ යෝජනාවට කළ අගතියෙන් පිළිබිඹු වන්නේ අද අපේ සමාජය ඇදවැටී ඇති වහල්භාවයේ තරමයි.

‘යෝජනාව කුමකටද?’

අපි මේ යෝජනාව ගෙන එන්නේ, නිදාගෙන සිටින විට භයානක හීනයක් දැකලා, ඒකට බිය වෙලා නොවෙයි. ඊට මුල් වූයේ පසුගිය 14 වැනිදා එනම් වැලන්ටයින් දිනයේදී මේ රටට ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දු පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම්වරයා වන ජෙඩිඩා පී. රෝයල්(Jඑඩිඩිඅහ් ඵ්. ර්‍ඔයල්) ඇතුළු විස්සක කණ්ඩායමේ ශ්‍රී ලංකාවට පැමිණීමයි. ඔවුන් කටුනායක ගුවන් තොටුපොළට ආවේ C-17 ඝ්ලොබෙමස්ටෙර් වර්ගයේ මිලිටරි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකකින්. ඔවුන් පැමිණියාම ගුවන්තොටුපළ අධිකාරියේ සභාපතිවරයාම ගිහින්, මෙරට ජනාධිපතිවරයා හෝ වෙනත් රටවල රාජ්‍ය නායකයන් භාවිතා කරන VVඓඵ් පර්යන්තයෙන් මේ අයව පිටතට කැඳවාගෙන එනවා. මේ අයගේ පාස්පෝට්, වීසා පරීක්ෂා කර බැලීමක් සිදු වූයේ නැහැ. මේ අය කිසිදු පරීක්ෂාකර බැලීමකින් තොරව එළියට ආවා. ඔවුන් කටුනායක සිට කොළඹ පැමිණ ඇත්තේ අධිවේගී මාර්ගය ඔස්සේ. ඒ පැමිණෙන අවස්ථාවේ අනෙකුත් වාහන සඳහා අධිවේගී මාර්ගය වසා දමලා. ඇයි මේ 20දෙනාට රාජ්‍ය නායකයකුටවත් නොදක්වන තරමේ පුද සත්කාර සිදු කළේ?

‘මයිඩාන්(Mඅඉඩන්) ක්‍රමන්ත්‍රණයේ මහ මොළකරු’

මේ අසාමාන්‍ය පුද සත්කාර සහිතව ඉන්දු පැසිෆික් ආරක්ෂාව පිළිබඳ ඇමෙරිකානු ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට සති දෙකකට පෙර, එනම් පෙබරවාරි 01 වැනිදා ඇමරිකානු දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය, වික්ටෝරියා නූලන්ඩ් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඇය 2014දී යුක්රේනය සිදුවූ මයිඩාන්(Mඅඉඩන්) කුමන්ත්‍රණයේ මහ මොළකරු ලෙසයි කූප්‍රකටව ඇත්තේ. ඇය තමයි අද යුක්රේනය වැටී තිබෙන තත්ත්වයට ඇදදැමූ ප්‍රධාන ඇමෙරිකානු නියෝජිතවරිය. යුක්‍රේනය ලේ විලක් කරන යුද ගැටුමට මූලබීජ සම්පාදනය කළේ ඇයයි.

‘රාජ්‍ය බුද්ධි සේවයට කුමක් වෙයිද?’

මෙය අසාමාන්‍ය ‘ට්‍රීට්මන්ට් එකක්’ දෙන පිරිස එන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නොදැන සිටි බව විදේශ කටයුතු අමාත්‍යතුමන් ඊයේ මේ සභාවේදී පැවසුවා. කෙසේ වෙතත් අපට ලැබුණු තොරතුරු අනුව, මේ පැමිණි පිරිස රටේ ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වන කමල් ගුණරත්න හා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ සමග සාකච්ඡා කොට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පිරිස රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට ඇතුළුවීමට පෙර සලේ ඇතුළු ඔහුගේ සහායකයන් සියලුදෙනා නිරායුද කිරීමට පියවර ගෙන තිබෙනවා. කාර්යාලය ඉදිරිපස කාපට් එක පස් පාරක් ගසාදමා පරීක්ෂාකර බලා තිබෙනවා. නමුත් මේ පිරිස කාර්යාලයට ඇතුළු වී ඇත්තේ ආයුධ සහිතව. මේ මොකක්ද වෙන්න යන්නේ? වෙන්න යන එක දෙයක් නම් අපි දන්නවා. 2001 – 2004 කාලයේත් මේක වුණා. එදා අපේ රාජ්‍ය බුද්ධි සේවයට ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ(Cඓඈ නියෝජිතයකු දමනු ලැබුවා. එහෙම කෙනෙකු දමපුවාම අපේ රාජ්‍ය බුද්ධි සේවයේ නිල නොලත් ප්‍රධානියා බවට එම Cඓඇ නියෝජිතයා පත් වෙනවා. එහෙම කෙනෙකුව පත් කළාම එයා තමයි බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් සියලු තීරණ ගන්නේ. ලැබෙන බුද්ධි තොරතුරු අතුරෙන් කවරකුට හෝ දැනුම් දිය යුතු ඒවා මොනවාද? දැනුම් දෙනවා නම් ඒ කාටද? යන සියල්ල ඉන්පසු තීරණය කරන්නේ එම Cඓඇ නියෝජිතයායි.

‘බලවතුන්ගේ උවමනාව’

මට මතකයි ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී 2015දී මෙරට කළ සංචාරයේදී ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී දේශනයක් සිදු කළා. එහිදී ඔහු පැවසුවා, ‘ශ්‍රී ලංකාව සුවිශේෂී ස්ථානයක පිහිටා ඇති රටක්’ යනුවෙන්. මේ කතාවම 15 වැනි සියවසේදී පෘතුගාලයේ සිටි එම්මානුවෙල් රජතුමා ද ඉන්දියාවේ ගෝවේ එවකට පෘතුගීසි ප්‍රතිරාජයා වූ ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදාට පවසා තිබෙනවා,’ නුඹ ගෝවට වෙලා නොසිට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ලංකාවට යා යුතුයි. එතැන් සිට අපට සියල්ල පාලනය කළ හැකියි. එතැන මගහැර ඉන්දියන් සාගරයට එන කිසිදු නැවකට යාමට බැහැ’ ආදී වශයෙන්. පිහිටීමේ තිබෙන වැදගත්කම නිසා ශ්‍රී ලංකාවට තිබෙන යුදමය අවධානය ඉතා වැඩියි. ඒ නිසා ලෝකයේ බලවතුන් ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය තමන්ගේ තිප්පොළක් බවට පත්කර ගැනීමේ උවමනාවෙන් පෙළෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් අහනවා, ‘ඔබලා ගමන් කරමින් ඉන්නේ මේ සාගර කලාපයේ බලය තීරණය කරන ශ්‍රී ලංකාව, ඇමරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන්ගේ ඉන්දු – පැසිෆික් උපායමාර්ගික උවමනාවට බිලිදීමටද?’ කියා. අපේ රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ පුටුවක Cඓඇ නියෝජිතයකු වාඩි කරවන්නේ ආණ්ඩුවට එහෙම ගමනක් ඇති නිසයි.

‘ඉන්දියාව යළිත් ආක්‍රමණිකයකු වෙයිද?’

දැන් ඉන්දියාව කැමති වෙයිද, තමන්ගේ අසල්වැසියාගේ සංවේදී බුද්ධි තොරතුරු කෙලින්ම Cඓඇ නියෝජිතයකු අතර පත් වෙනවාට? ඒක ඉන්දියාවේ ආරක්ෂාවට යහපත් ලෙස බලපාන එකක්ද? ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ අනුගමනය කරපු අන්ත දක්ෂිණාංශික, ඇමරිකානු ගැති ප්‍රතිපත්තිය, ඉන්දියාව ආක්‍රමණිකයකු බවට පත්කර ගැනීමට එදා විශාල ලෙස ඉවහල් වුණා. ඒ මාමාගේ කාලයේ කරපු දේ දැන් පොහොට්ටුවේ කට්ටියත් වටේ තියාගෙන කරන්නද මේ බෑණා ලෑස්ති වෙන්නේ?

‘එක හිලක්වත් වැහුවේ නැහැ’

දැන් අපේ රට පත්ව ඇති ආර්ථික අර්බුදයට බෙහෙත් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ජනාධිපතිවරයා කියනවා,’වෙනත් විසඳුම් තිබෙනවා නම් කියන්න’ කියා. අපි ඇති තරම් විසඳුම් මේ සභාව තුළදීම ඉදිරිපත් කර තිබෙනවා, අපි එතුමා අගමැති වූ වහාම කිව්වා, ‘විදේශ විනිමය පනත සංශෝධනය කරලා, හිල් ටික වහන්න’ කියලා. දැන් මේ පනතේ තිබෙන හිල් ටික නිසා රටට අයිති විදේශ විනිමය ප්‍රමාණය සම්පූර්ණයෙන් රට තුළට එන්නේ නැහැ. එන්නේ නැත්තේ නොගෙනාවා කියලා දඬුවමක් කරන්න බැරි නිසයි. දැන් බලන්න, ඉන්දියාවේ විදේශ විනිමය පනත ශක්තිමත් එකක්. උපයන විදේශ විනිමය මාස තුනක් ඇතුළත රට තුළට ගේන්න ඕනේ. අපි හිල් වහන්න කිව්වාම තවම එක හිලක්වත් වහලා නැහැ. එවැනි පැහැදිලිව කියූ එකක්වත් කරන්න බැරි ආණ්ඩුවකට තවත් ඒවා කියලා වැඩක් තිබෙනවාද?

‘ඓMF ෂොක් ට්‍රීට්මන්ට්’

අපේ රටේ ආර්ථික අර්බුදයට බෙහෙත් දෙන්න ‘ඓMF දොස්තරට’ භාරදීමේ තිබෙන භයානකකම වටහා ගන්න. දැන් බලන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේම කොටසක් මිස ඉන් ස්වායක්ත වූ එකක් නොවෙයි.

‘ඓMF එකයි ඇමෙරිකාවයි’ කියන්නේ හරියට ‘අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයි – ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමී එකයි’ වගේ දෙයක්. මේ ඓMF දොස්තර දෙන්නේ ෂොක් ට්‍රීට්මන්ට් එකක්. ලක්ෂයකට වඩා පඩි ගන්න කෙනාට බදු ගහනවා; ජීවත් වෙන්න බැහැ; මධ්‍යම පන්තිය හතරගාතයෙන් වැටෙනවා. විදුලි බිල 66%කින් ඉහළ දමනවා. මේ සියල්ල ෂොක් ට්‍රීට්මන්ට් නොවෙයිද? එහි අවසන් ප්‍රතිඵලය තමයි මුළුමහත් සමාජයම අන්දමන්ද තත්ත්වයකට ඇද දැමීම. ඒ විදිහට ‘ඓMF එක ෂොක් ට්‍රීට්මන්ට් එක ඉකොනොමිකලි’ දෙනවිට ඒ සමගම ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම සලකා මිලිටරිමය මැදිහත් වීමත් සිදු වෙනවා.

‘මිලිටරි තිප්පොළක උවමනාව’

අපි දන්නවානේ මංගල සමරවීර මැතිතුමා විදේශ ඇමති කාලයේ ‘ඇක්සා ගිවිසුම’ අත්සන් කර ගත් ආකාරය. සෝෆා ගිවිසුම අත්සන් කරන්න උත්සහ කළත් බැරිවුණානේ. සෝෆා ගිවිසුම අත්සන් කළා නම් ඇමරිකානු ආරක්ෂක හමුදා නිලධාරීන්ට වීසා නොමැතිව, පරීක්ෂා කිරීම්වලින් තොරව ලංකාවේ ඕනෑම තැනක සැරිසැරීමේ හැකියාව ලැබෙනවානේ. අපි මේ දෙස හොඳින් බලන්න ඕනේ. ඇමරිකාවට අද සෝෆා ගිවිසුම අත්සන් කර ගැනීමේ වුවමනාව තිබෙනවා. ඒ විතරක් නොවෙයි, මේ සුවිශේෂී තැනක පිහිටා තිබෙන මේ රාජ්‍යය ඔවුන්ගේ මිලිටරි තිප්පොළක් බවට පත්කර ගැනීමේ වුවමනාව තිබෙනවා. ඓMF හරහා ෂොක් ට්‍රීට්මන්ට් එක දෙනවා අපේ ජන සමාජය හතරගාතෙන් වැටෙනවා. ඒ විතරක් නෙවෙයි විදුලිබල මණ්ඩලය කෑලි කඩා විකුණනවා. විකුණන්නෙ ඇමරිකාවේ ‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ වැනි සාමාගම්වලට. ඒ අනුව බලශක්ති ඒකාධිකාරයත් මේ අය අතටම යනවා. එවිට තවදුරටත් ඔවුනට ශ්‍රී ලංකාව කෙරෙහි පාලනයක් හැදෙනවා. අවසානයේ ඔවුන්ගේ ඇල්ම බැල්ම තිබෙන ස්ථානය වන ත්‍රිකුණාමලයේ මිලිටරි තිප්පොළ හදනවා. එහෙම වැඩකට නොවෙයි නම් මේ ඇමරිකානු මිලිටරි ගුවන්යානා දෙකකින්, 20ක පිරිසක් ආවේ හදිසි බඩේ අමාරුවකට වැසිකිළි යාමට ද? එහෙමද දැන් අපි හිතන්න ඕනේ?
‘තීරණ බාහිර බලවතුන්ගේ අවශ්‍යතාව මත..’

එදා විශාල බලපෑමක් කරලා ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ රුපියල සම්පූර්ණයෙන් පා කරන තීරණය ගන්න තැනට මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හරහා පාර කපා ගත්තා. මිලින්ද මොරගොඩ ඉටු කළේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද? ඒ නිසා මේ රටේ ඇතැම් බරපතළ තීරණ අරගෙන ඇත්තේ බාහිර බලවතුන්ගේ අවශ්‍යතා මත බව පැහැදිලියි.’අපේ රට බංකොලොත් රටක්. ඒ නිසා ණය ගෙවා ගන්න බැහැ’ කියන තීන්දුව කඩිමුඩියෙ ගත්තෙත් ඒ විදිහටමයි.
‘අද ජවිපෙ නිහඩයි’

දැන් බලන්න, පුතාගේ ගෙදර ලයිට් කපලා, අම්මාගේ ගෙදරට ඇවිත් එයා රෙදි මදිනවා. අම්මා කියනවා ‘ඕක කරන්න එපා! ලයිට් බිල වැඩිවෙලා මෙහෙත් ලයිට් කැපේවි’ කියලා. ඒකට කේන්ති ගිය පුතා ඉස්ත්‍රික්කයෙන් අම්මාට පහර දෙනවා. අම්මා මිය යනවා. ඔවැනි ඛේදජනක සිදුවීම් දැනටමත් සිදු වෙනවා. ඒ තමයි විෂම මනස මේ අර්බුදය ඇතුළේ හැදෙන විදිහ. අද ආර්ථික අර්බුදය නිසා ‘කඩේ බඩු’ විතරක් නොවෙයි ‘මනුස්සකම, පරාර්ථකාමීත්වය’ නැති වෙනවා. මෙවැනි මොහොතක තමයි සාමාන්‍ය මොහොතකදී කරගන්න බැරි මිලිටරි තිප්පොළවල් හදනවා වගේ වැඩ කරගන්න පුළුවන් වෙන්නේ. අපි මේ ‘කොරහක කිඹුල්ලු දැකලා’ කතා කරනවා නොවෙයි. එදා අපි මෙවැනි රටට සිදු කරන අනතුරු හෙළිදරව් කළේ ජනතා විමුක්ති පෙරමුණ තුළ ඉඳගෙනයි. දැන් ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි අනතුරු රටට පෙන්වලා දෙන්නෙත් නැහැනේ.

‘ආණ්ඩුවේ අවම වගකීම’

අපේ රාජ්‍ය බුද්ධි සේවය, Cඓඇ නියෝජිතයකු යටතට පත් කිරීමට හදනවා නම්, ඒක ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ඉන්දියාවෙත් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි නම්, මේ වගේ තීරණ අත්තනෝමතිකව අරගෙන රටම අමාරුවේ නොදා මේ සභාව දැනුම්වත් කිරීම ආණ්ඩුවේ අවම වගකීමක්. ඒ අවම වගකීමවත් ඉටු කරන්න.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-02-24

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *