“පුල්මුඩේ ඛනිජ වැලි අගය එකතු කිරීමේ ක්‍රියාවලියකට ලක්කර විකිණීමෙන් ලංකා ඛනිජ වැලි සමාගමේ ආදායම කිහිප ගුණයකින් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ලබන වසර තුළ පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් ලබා ගන්නා ඛනිජවැලි වර්ගීකරණය කොට රට පැටවීම නවතා ඒවා අගය එකතු කිරීමේ ක්රියාවලියකට ලක් කර විකිණීමෙන් ලංකා ඛනිජ වැලි සමාගමේ ආදායම කිහිප ගුණයකින් වැඩි කර ගැනීමට අවශ්ය මූලික පියවර ගන්නා බව කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (23) පුල්මුඩේ පිහිටි ලංකා ඛනිජ වැලි සමාගම් පරිශ්රය තුළ පැවති සේවක ප්රණාම උළෙලට ප්රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“අපේ රටේ ජාතික ආර්ථිකයට උරදෙන සුවිශේෂ රාජ්ය ආයතනයක් වන ලංකා ඛනිජ වැලි සමාගමේ වසර 25ක් සේවයේ නියුතුව සිටි පිරිසක් මෙසේ ඇගයීමට ලක් වන මොහොතේ ප්රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට සහභාගි වීමට ලැබීම මා ඉතා වැදගත්කොට සලකනවා.

‘අමුද්රව්යයකට සීමා වීම’

අපේ රට සතු අනගි ජාතික සම්පතක් වූ මේ ඛනිජ වැලි නිධියෙන් ලබාගන්නා ඛනිජ වැලි වර්ගීකරණය කොට අමුද්රව්යයක් ලෙස විදෙස් වෙළඳපොළට යැවීමයි ගෙවීගිය ඉතිහාසය පුරාවට සිදුවූයේ. එසේ සීමාවීම නිසා ඇතැමුන්ට මෙම ජාතික සම්පතින් අයථා ලාභ ප්රයෝජන ගැනීමේ අවස්ථාවන් උදා වුණා. අවසානයේදී ඒ පිළිබඳව විමසා බැලීමේදී පෙනෙනවා, ‘මෙම ස්වභාවික ඛනිජ සම්පතින් රටට ලැබුණු ආදායමට වඩා වඩා වැඩියි ඒ ඇතැමුන්ට ලැබුණු ධනය’ කියා. ඒ වගේම මෙවැනි ආයතනවලට ඉවක් බවක් නොමැතිව අනුමත සේවක සංඛ්යාවට වඩා වැඩි පිරිසක් ඇතැම් කාලවලදී බඳවාගෙන තිබීම නිසාත් ඒවායේ ඵලදායිතාව පහත වැටෙන සේ කටයුතු කර ඇති අන්දම ද දැකගත හැකියි.

‘අගය එකතු කිරීමට සූදානම්’

මේ සියලු තත්ත්වයන් සලකා බලා මා මේ වන විට මෙම ආයතනයේ සභාපතිතුමන් හා සාමාන්යාධිකාරීතුමන් කොළඹට කැඳවා සාකච්ඡා කොට තිබෙනවා, ඉදිරියේදී මෙම වටිනා ඛනිජ සම්පත අමුද්රව්යයක් ලෙස විදෙස්වලට යැවීම නතර කර ඊට අගය එකතු කිරීමක් සිදු කිරීම දක්වා එම ක්රියාවලිය වැඩි දියුණු කිරීමට. රාජ්ය ආයතනයක් ලෙස අපට එම කාර්යය තනිව සිදු කිරීමට අපහසු නිසා අපට වාසිදායක වන පරිදි රාජ්ය-පෞද්ගලික හවුල්කාරිත්වයකට හෝ ගොස් ඊට අවශ්ය තාක්ෂණය ලබාගැනීමට අපි දැන් කටයුතු ආරම්භ කර තිබෙනවා. ඉදිරි වසර තුළ ඊට අවශ්ය මූලික පියවර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

‘ආදායම කිහිප ගුණයකින් ඉහළට’

එමගින් ලංකා ඛනිජ වැලි සමාගම දැනට ලබන ආදායමට වඩා කිහිප ගුණයක ආදායමක් ඉදිරියේදී එයට ලබා ගැනීමට හැකිවේවි. එපමණක් නොවෙයි ලංකා ඛනිජ වැලි සමාගමේ කාර්යභාරය ද අදට වඩා හෙට දවසේ පුළුල් වේවි. කර්මාන්ත ක්ෂේත්රය සලකා බැලූ විට ඛනිජමය සම්පත් හා බැඳුණු කර්මාන්ත ඉතා වැදගත්. එමගින් ජාතික ආර්ථිකය සවිමත් කළ හැකියි. ස්වභාවධර්මයා අප රටට අමිල ඛනිජ සම්පත් ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමන් කර්මාන්ත අමාත්යවරයාට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයේ තිබෙන එක් සුවිශේෂී ප්රමුඛතාවක් තමයි ‘දැනට භූගතව සහ සාගර අභ්යන්තරයේ ඇතැයි සැලකෙන ඛනිජ සම්පත් නූතන අධි තාක්ෂණය භාවිතා කර ගවේෂණය කිරීම හා පවතින ඛනිජ සම්පත් රටේ නිෂ්පාදන ක්රියාවලිය ශක්තිමත් කිරීමට යොදා ගැනීම.’ ඒ අනුව යමින් මේ ලංකා ඛනිජ වැලි සමාගමේ භූමිකාව ඉහළට ඔසවා තැබීමට කටයුතු කරන බවට මේ මොහොතේ අපි ඔබ ඉදිරියේ සපථ කරනවා.

‘එප්පාවල පොහොර හැදෙන හැටි’

ඒ වගේම අපේ රට සතු තවත් අමිල ඛනිජ සම්පතක් වන පොස්පේට් නිධිය යොදාගනිමින් ගොවි ජනතාවට අවශ්ය සිංගල් සුපර් පොස්පේට් පොහොර වර්ගය ඉතා ඉහළ ප්රමිතියෙන් නිපදවිය හැකි කර්මාන්තශාලාවක් රාජ්ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ ලබන වසර තුළ ඇරඹීමට අපි මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එමගින් වාර්ෂිකව පිටරටට ඇදීයන බිලියන ගණනක මුදලක් මේ රට තුළ ඉතිරි කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙතෙක් ප්රයෝජනයට නොගත් අපේ රට සතු තවත් බොහෝ ඛනිජ සම්පත් රටේ නිෂ්පාදන ක්රියාවලිය ශක්තිමත් කිරීමට යොදා ගත හැකි අන්දම අපි මේ දිනවල අධ්යයනය කරමින් සිටිනවා. එවැනි ඛනිජ සම්පතක් වූ බුත්තල, කුකුරම්පොළ යපස් නිධිය කර්මාන්තකරණයට අවශ්ය පරිදි සංවර්ධනය කිරීමට අපි දැනටමත් අමාත්ය මණ්ඩල පත්රිකාවක් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

‘ඛනිජමය ආර්ථිකය ඉතා වැදගත්’

කෘෂි ආර්ථිකය පමණක් නොවෙයි ඛනිජ ආශ්රිත කර්මාන්ත හා බැඳුණු ඛනිජමය ආර්ථිකය ද රටකට ඉතා වැදගත්. ඉහත කී ඛනිජ ආශ්රිත කර්මාන්ත සංවර්ධනය කිරීමෙන් මෙරටින් පිටරටට ඇදී යන බිලියන ගණනක මුදල් ඉතිරි කර ගනිමින් ඩොලර්වලින් මුදල් ඉපයීමට ද හැකියාව ලැබෙනවා. එමගින් බිඳ වට්ටවා ඇති මෙරට ආර්ථිකයට සුවිශාල ශක්තියක් ලැබෙනවා.

‘මේ ආයතනයට වින කිරීමට කිසිවෙකුට ඉඩක් තියන්නේ නැහැ’

ලංකා ඛනිජ වැලි සමාගම මෙරට ජාතික ආර්ථිකයට උරදෙන සුවිශේෂ ආයතනයක් ලෙස පවත්වාගෙන යාම සඳහා වත්මන් සභාපතිතුමන් හා සාමාන්යාධිකාරීතුමන් ඇතුළු සමස්ත සේවක පිරිස ගන්නා වෙහෙස පිළිබඳව අපගේ කෘතවේදීත්වය පුද කළ යුතුයි. ඒ වගේම ආයතනය තුළ පවතින ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් පෙන්වා දෙමින් එහි ඉදිරි ගමනට ශක්තියක් වන වෘත්තීය සමිති ක්රියාකාරීත්වය ද පැසසුම් කටයුතුයි. නමුත් ඇල්කෙමි වැනි ඇතැම් පෞද්ගලික ආයතනවලට විකිණුනු පුද්ගලයන් කිහිපදෙනකු ද මෙම ආයතනය තුළ සිටින බව මම දන්නවා. ඒ අය සම්බන්ධයෙන් ද ගතයුතු පියවර ගැනීමට අපි පසුබට වන්නේ නැහැ. බාහිර ආයතනවල ඒජන්තයන් ලෙස සිටිමින් කිසිවකුට මේ ආයතනයට වින කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. අවසන් වශයෙන් අද ප්රණාමයට පාත්ර වන මේ ආයතනය වෙනුවෙන් වසර විසිපහක කාලයක් අනගි මෙහෙවරක යෙදුණු සේවක මහත්ම මහත්මීන් 08 දෙනාට මගේ සුබ පැතුම් එක් කිරීමට කැමතියි”

මෙම අවස්ථාවට ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපති මුදිත විජේසිංහ මහතා ඇතුළු නිලධාරීහු ද එක්ව සිටියහ.

 

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *