“මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණ’ යනු මෙරට මැණික් කර්මාන්තකරුවන් ජාත්‍යන්තර තලයට ඔසවා තබනු ලබන, ඔවුන්ගේ අභිවෘද්ධියේ මධ්‍යස්ථානයයි ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

‘රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්යන්තර මැණික් කුළුණ ‘ හෙවත් මහල් 19 කින් සමන්විත ජාත්යන්තර මැණික් වෙළෙඳ හා පර්යේෂණ මධ්යස්ථානය මෙරට මැණික් කර්මාන්තකරුවන් ජාත්යන්තර තලයට ඔසවා තබනු ලබන, ඔවුන්ගේ අභිවෘද්ධියේ මධ්යස්ථානය වනු ඇතැයි කර්මාන්ත පිළිබඳ කැබිනට් අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසූයේ ඉහත මහල් 19කින් යුත් ජාත්යන්තර මැණික් වෙළෙඳ හා පර්යේෂණ මධ්යස්ථානයෙහි මහල් 05ක් මාස 18කින් ඉදි කිරීමේ පළමු අදියර සඳහා මුල්ගල තැබීමේ උත්සව සභාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්යවරයා මෙසේද පැවසීය.

“රත්නපුරය කේන්ද්රකරගත් මැණික් කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා එම කර්මාන්තයේ නියැලුණු පිරිස් දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි බලාපොරොත්තුවක් ඉටු කිරීමට මුල පුරන දිනය අදයි. මා යටතේ ඇති රාජ්ය අමාත්යාංශ තුනෙන්, මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත පිළිබඳ අමාත්යංශය ඒ හා බැඳුණු සමාජ කොටස්වල අවශ්යතා කෙරෙහි පූර්ණ අවබෝධයෙන්, කාර්යක්ෂමව තම වගකීම ඉටු කරන රාජ්ය අමාත්යාංශයක්. මෙම කටයුත්ත කඩිනමින් සිදු වන්නේ එම තත්ත්වය මතයි. ඒ නිසා පළමු කොටම එම විෂය භාර රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්ත මැතිතිතුමාට, රාජ්ය අමාත්යාංශ ලේකම් මැතිතුමාට හා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට ඒ වෙනුවෙන් මගේ කෘතවේදීත්වය පළ කර සිටීමට කැමතියි.

‘භූගත සම්පත්වලින් ලබන ආදායම වැඩි කරගැනීම’

මේ රටේ භූගත සම්පත් රටේ ඉදිරිගමන වෙනුවෙන් යොදා ගත යුතුව තිබෙනවා. මෙවර අමාත්ය මණ්ඩලය පත් කිරීමේ ගැසට් නිවේදනය මගින් මෙරට භූගත සම්පත් යොදා ගනිමින් ඒවා කර්මාන්ත ලෙස ගොඩනැගීම අප අමාත්යාංශය අයත් සුවිශේෂ ප්රමුඛතාවක් ලෙස හඳුන්වා දී තිබෙනවා. කර්මාන්ත අමාත්යාංශයට එම ගැසට් නිවේදනයෙන් සුවිශේෂී ප්රමුඛතා ලෙස හඳුන්වාදී ඇති වගකීම් 09න් 08 වැන්න ඉහත කී භූගත සම්පත් යොදා ගනිමින් කර්මාන්ත ගොඩ නැගීමයි. ඒ අනුව මැණික් කර්මාන්තය වගේම අප අමාත්යාංශය යටතේ ඇති මිනිරන්, ඛණිජවැලි, පොස්පේට් හා බැඳුණු රාජ්ය සමාගම් මගින් එම ඛනිජ ද්රව්ය අමුද්රව්ය ලෙස අපනයනය නොකර වටිනාකම් එකතු කර දැනට ලබන ආදායම මෙන් කිහිප ගුණයක ආදායමක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට අප පියවර ගනිමින් තිබෙනවා. ඒ අනුව පරිසර හිතකාමීව, ඛනිජ සම්පත් වෙතින් ලබන ආදායම ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමට අපට හැකි වේවි.

‘ජනපතිඳුන්ගේ නිවැරැදි තීන්දුව’

කැබිනට් අමාත්යාංශ යටතේ අදාළ විෂය හා සෘජුවම බැඳුණු රාජ්ය අමාත්යංශ පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් තීන්දු කළේ එම විෂය හා බැඳුණු සමාජ කොටස් හා ඔවුන්ගේ ගැටළු කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කොට ඒවා කඩිනමින් විසඳීමටයි. අද මෙම ‘රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්යන්තර මැණික් කුළුණ’ නම් වූ ජාත්යන්තර මැණික් වෙළෙඳ හා පර්යේෂණ මධ්යස්ථානයට මුල්ගල් තබා මහල් 19කින් යුත් එහි මහල් 05ක් මාස 18 කින් ඉදිකෙරෙන්නේ එසේ ජනාධිපතිතුමන් ගනු ලැබූ තීන්දුවේ සාර්ථක බව සනාථ කරමිනුයි.

‘විපක්ෂයේ අසත්ය ප්රචාර යළිත්…’

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනයක් මේ රටේ ජනතාව ඇතිකර ගත්තේ තමන් කාලාන්තරයක් තිස්සේ අපේක්ෂා කළ දේවල් ඉටුවන අනාගතයක් නිර්මාණය කර ගැනීමටයි. වසංගත තත්වයක් යටතේ වුවත් අඩු ආර්ථික වර්ධන වේගයක් සහිත රටක් පසුගිය ආණ්ඩුව අපට භාරදී ගියත් මේ රට වැටී ඇති තත්ත්වයෙන් ක්රමානුකූලව ගොඩගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමන්, මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් ප්රමුඛ අපේ ආණ්ඩුව නායකත්වය දෙමින් සිටිනවා. විපක්ෂයට මේ තත්ත්වය බලා සිටීමට නොහැකිව අද ඔවුන් 2015 ජනවාරි 08 වැනිදාට පෙර ඔවුන් ගෙන ගිය අවලාද ව්යාපාරය යළිත් ආරම්භ කර තිබෙනවා. ඉදිරි වසර

04 – 05 තුළ මේ රටේ සිදුවන ආර්ථික වර්ධනය ඔවුන් දකිනවා. ඒ නිසයි ඊට ප්රථම 2015 ජනවාරි 08ට පෙර ගෙන ගිය බොරු බේගල් ව්යාපාරය නැවත අරඹා ජනමනස විකෘති කිරීමට උත්සාහ කරන්නේ. නමුත් මේ රටේ ජනතාව දන්නවා අපේ ආණ්ඩුව ‘සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශනය’ අනුව දුන් පොරොන්දු සියල්ල ක්රමානුකූලව ඉටු කරමින් රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව. සංචාරක ව්යාපාරය බිඳ වැටුණත් කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවත් අප මේ රට ඉදිරියට ගෙන යන බව ජනතාව පිළිගන්නවා.ඒ වගේම පසුගිය ආණ්ඩුව තිබුණා නම් කොවිඩ් වසංගතය හමුවේ අපේ රට මොන තරම් බිහිසුණු ඉරණමකට මුහුණ දේවිද කියන එකත් මේ රටේ ජනතාව දන්නවා.

අපේ මැණික් වෙළඳාම ජාත්යන්තර තලයට ගෙන යාම සඳහා වන මූලිකම අවශ්යතාව තමයි අපි මෙලෙස සපුරා ගැනීමට පියවර ගන්නේ. අද අපි මුල්ගල තබනු ලබන්නේ මුළුමහත් රටේම මැණික් කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධියේ මධ්යස්ථානයට බව අපට විශ්වාසයි.”

මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටි පිරිස පිළිගැනීම මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්ය අමාත්යංශ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා විසින් සිදු කළ අතර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ඇතුළු එම ආයතනයේ සේවක පිරිස එම උත්සවය සංවිධාන කර තිබිණි.

මෙම අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සුබ පැතුම් එක් කළ අතර සබරගමු පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව, සෞඛ්ය ඇමතිනි පවිත්රා වන්නිආරච්චි, මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ,රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්රීවරු වන ජෝන් සෙනෙවිරත්න, ගාමිණී වලේබොඩ, රත්නපුර දිස්ත්රික් කර්මාන්ත අමාත්ය සම්බන්ධීකරණ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දීපාල් ගුණසේකර මහතා ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් සහභාගි වී සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය
2021.01.16
Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *