රනිල්ගේ වැඬේ නොරටුන් සතුටු කරන එකයි – ඩොලර් 10,000ක් වටිනා ටයිටේනියම් මෙ.ටො. 01ක් ඩොලර් 145කට අරාබි සමාගමකට විකුණනවා

රනිල්ගේ වැඬේ නොරටුන් සතුටු කරන එකයි – ඩොලර් 10,000ක් වටිනා ටයිටේනියම් මෙ.ටො. 01ක් ඩොලර් 145කට අරාබි සමාගමකට විකුණනවා

– ජානිපෙ නායක, විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි දිනයේ සිට කටයුතු කළේ විදේශිකයා සතුටු කරමින් ස්වදේශික ජනයා උපන් බිම තුළ අනාථයකු කිරීමට බවත් එහි එක් පියවරක් ලෙස දැන් පුල්මුඬේ ටයිටේනියම් නිධියෙන් ඇමරිකානු ඩොලර් 10,000 පමණ වටිනා ටයිටේනියම් මෙ.ටො. එකක් ඇමරිකානු ඩොලර් 145 ක් බැගින් අරාබි සමාගමකට විකුණා දැමීමට කටයුතු කරන බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අනාවරණය කළේය.

ඊයේ (07) මාලඹේ සුදර්ශන මාවතේ පිහිටි ‘රටට මොකද වෙන්නේ ?’ යන තේමාව යටතේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘රාජපක්ෂලාට ආපසු බලය ගියොත්’

මේ ආණ්ඩුව සුදු මහත්වරුන්ගේ න්‍යාය පත්‍රය දිගේලි කරන ආණ්ඩුවක්. ඇමරිකානු රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ මනස හදන ්‍යැරසඒටැ ථ ඔයසබනඒබන ආයතනයේ මහාචාර්යවරයෙකු සකස් කළ වාර්තාවක ශ්‍රී ලංකාව ගැන මෙසේ සඳහන් වෙනවා. ‘ඉදිරි මැතිවරණයේදී රාජපක්ෂවරුන් අතට බලය යාමට ඉඩ තිබේ. එසේ වුවහොත් අගමැති රනිල් වික්‍රමසිංහ අතේ තිබෙන අපේ න්‍යාය පත්‍රය කඩා වැටිය හැකියි. එය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයට ප්‍රශ්නයක්. අපි ශ්‍රී ලංකා පුරවැසියන්ගේ අභිලාෂයන්ට ගරු කළ යුතුයි. නමුත් ඒ ශ්‍රී ලංකාවට අදාළ ඇමරිකා එක්සත් ජනපද අභිලාෂය යටපත් නොවන සීමාව දක්වා පමණයි’ යනුවෙන් එම මහාචාර්යවරයා අවධාරණය කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපද අභිලාෂය වන්නේ ශ්‍රී ලංකාව ඔවුන්ගේ ආසියා – පැසිෆික් කලාපීය යුද තිප්පොළ බවට පත්කර ගැනීමයි. ඒ සඳහා ඔවුන් 2016 සිට ක්‍රියා ක්‍රියාත්මක වෙනවා. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නමැති ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ආයතනය අරලියගහ මන්දිරයේ නිල කාර්යාලයක් අටවාගෙන ශ්‍රී ලංකාවට අදාළ දැල එළීම සිදු කරනවා.
එම ආයතනය ශ්‍රී ලංකාවේ ඉඩම් වෙළෙඳපොළ සක්‍රිය කිරීමට නිර්දේශ ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ දුප්පත්කම පිටුදැකීමට ද? නැහැ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සිට ත්‍රිකුණාමල වරාය දක්වා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 07ක් හරහා දිවෙන අමෙරිකානු නීතිය ක්‍රියාත්මක වන ඔවුන්ගේ විශේෂ ආර්ථික කොරිඩෝවට ඉඩම් අක්කර ලක්ෂ 12ක් ලබා ගැනීමටයි.

රාජපක්ෂවරුන් බලයට පැමිණියහොත් ඔවුන්ට තම බලවත් මෙහෙයුම දියත් කිරීමට බැහැ. ඒ නිසා රාජපක්ෂවරු බලයට පැමිණීම වළක්වා රනිල් වික්‍රමසිංහ නමැති මේ රූකඩ පාලකයා බලයේ තබා ගැනීමට ඔවුන් කළ හැකි සියල්ල කරයි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ඇමෙරිකානු ගැති බව කොතරම් ද බලන්න. ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය අගමැති නිල නිවස තුළම දාන්න දුන්නා. එම ආයතනය විදේශිකයන්ට අක්කර 50ක සීමාව ඉක්මවා නීතිමය බාධාවකින් තොරව අක්කර දහස් ගණනින් මිල දී ගන්න හැකි ආකාරයට නීති දෙකක් නිර්දේශ කර තිබෙනවා. ඉන් එකක් ඉඩම් (විශේෂ විධිවිධාන) පනත. එමගින් මෙතෙක් පැවැති තනි පුද්ගල ඉඩම් අයිතිය පිළිබඳ අක්කර 50 සීමාව ඉවත් වෙනවා. බලපත්‍රලාභී ඉඩම් හිමියාට සින්නක්කර ඔප්පුව ලැබෙනවා. මේ පනත කැබිනට් අනුමැතියෙන් තොරව ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයා ගැසට් කර තිබෙනවා.

‘කැබිනට් අනුමැතිය නැතිව ගැසට් කළ ඉඩම් පනත’

මෙම ඉඩම් (විශේෂ විධිවිධාන) පනත කැබිනට් මණ්ඩලයට ගෙන ආ අවස්ථාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට විරුද්ධ වී තිබෙනවා. ‘විදේශිකයාට අපේ ඉඩම් කොල්ල කන්න ඉඩ හදන නීතිමය ප්‍රතිපාදන ඇතුළත් පනත් දෙකකට මම විරුද්ධ වූවා’ කියා ජනාධිපතිවරයා අපට පැවසුවේ දින 52 ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල රැස්වීමකදීමයි. නමුත් දැන් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයයේ ලේකම්වරයා එම ඉඩම් (විශේෂ විධිවිධාන) පනත ගැසට් කර තිබෙනවා. ‘කැබිනට් මණ්ඩලයේ අනුමත නොවී පනතක් කොහොම ද ගැසට් කළේ ? ’ කියා අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ජනාධිපතිවරයා විමසා තිබුණා. ඊට පිළිතුරු වශයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා කියා තිබුණේ ‘අගමැතිතුමා මේක ගැසට් කරන්න කීවා. ඔබතුමාගේ සංශෝධන කාරක සභා අවස්ථාවේදී කිරීමට බලාපොරොත්තු වෙනවා’යනුවෙන්. ඔන්න රනිල් වික්‍රමසිංහගේ ගැතිකම. අද ඉටු වන්නේ ඇමරිකාවේ අභිලාෂය මිස ශ්‍රී ලාංකීය පුරවැසියාගේ අභිලාශය නොවේ. අද තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපද අභිලාෂය ඉටුකර දෙන, ශ්‍රී ලංකාවේ පුරවැසියාගේ අභිලාෂයන් තුට්ටුවකට මායිම් නොකරන ආණ්ඩුවක්. ලැබෙන මුල් අවස්ථාවේදීම මේ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා අප සූදානම් විය යුතුයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/04/08

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *