“විදුලි ඇමැතිගේ තක්කඩි වැඩ වලට විරුද්ධ වුණා” – සභාපති අයින් කරන්න හදන හේතුව විමල් කියයිවීඩියෝ 

මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතාව ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට හේතුව ඔහු විදුලි බල අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාවන් වලට විරුද්ධව හඬ නැගීම බව උත්තර ලංකා සභාගයේ සභාපති, පා.ම. විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ පාරිභෝගිකයාගේ පැත්තේ සිට කටයුතු කළ සභාපතිවරයාට විරුද්ධ යෝජනාව පරාජය කිරීම තම ඡන්දය භාවිතා කිරීමට උත්තර ලංකා සභාගය ඒකමතිකව තීරණය කර ඇති බවටයි.

ඔහු එම අදහස් පළ කලේ අද (23) දින පැවැති උත්තර ලංකා සභාගයේ නායකයින්ගේ විශේෂ මාධ්‍ය හමුවේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *