“විමල්ගේ පොතෙන් කියැවෙන්නේ රටේ යථාර්තය” – හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක

විමල් වීරවංශ මහතා විසින් රචිත “නවය; සැඟවුණු කතාව” කෘතියෙන් කියැවෙන්නේ රටේ යථාර්තය බව හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි.

ඒ පසුගිය අප්‍රේල් 25 වන දින, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචනා කළ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය එළිදැක්වීමෙන් පසු තම අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ඇත්තටම එතුමගේ අදහස ඉතා පැහැදිළිව, විවෘතව ඉදිරිපත් කළා. ඒක ගොඩක් දුරට…. ගොඩක් දේවල් තියෙනවා යථාර්තවාදී දේවල් එතන. ඉතිං, මේක තමයි රටේ යථාර්තය.

ඒක නිසා, මේවා තේරුම්ගන්න, පිළිගන්න, බලන්න, තව අධ්‍යයනය කරන්න. ඒ එතුමාගේ පැත්ත විතරයි. තවත් අනෙක් පැතිවලිනුත් මේ වගේ කතා කරලා කියන්න ඕනේ. එතකොට තමයි, ජනතාව බුද්ධිමත් වෙන්නෙ, දැනුවත් වෙන්නෙ, අවබෝධ වෙන්නෙ.

එහෙම නැතුව…. එතුමාගේ කතාවේදී කිව්වා ජනතාව දැනුවත් කරන්නයි එයාලගේ ප්‍රයන්තය කියලා. ඒක තමයි හරිදේ. එතුමාගේ කතාවෙන් ජනතාව දැනුවත් කරනවා. ඒකට අනෙක් අයත්….. විරුද්ධ මත තියෙන, සමාන මත තියෙන ඒ අයත් ඉදිරිපත්කිරීම තුළ තමයි මේවා සමාජයේ වර්ධනය වෙමින් ඉස්සරහට යන්න ඕනේ. එය තමයි සිදුවිය යුත්තේ.”

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *