156 වැනි අනගාරික ධර්මපාල ජන්මදින සැමරුම් උළෙලට ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශයන් එක් වෙයි

ධර්මපාල පරපුර’ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ 156 වැනි අනගාරික ධර්මපාල ජන්ම දින සැමරුම් උළෙල ඊයේ (17) කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
පූජ්‍ය බලන්ගොඩ සෝභිත නාහිමියන්ගේ මුලසුනෙන් පැවැති මෙම සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිතයෝ ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරු වන දයාසිරි ජයසේකර, සරත් වීරසේකර, සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.





