2021 නව වසරේ වැඩ අරඹමින්…

කර්මාන්ත අමාත්‍යංශය නව වසර සදහා රාජකාරි කටයුතු ඇරඹීම කර්මාන්ත කැබිනට් අමාත්‍ය ගරු විමල් විරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (2021.01.01) උදෑසන කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.

සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ජාතික ධජය ඔසවා, ජාතික ගීය ගායනා කර, රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියැවීම මෙහි දී අමාත්‍යාංශයේ සියලු සේවක පිරිස සිදු කළහ.

දේශීය නිෂ්පාදන සහ දේශජත්වයට පණපොවන වසරක් බවට 2021 වසර පත්කර ගැනීමට අදිටන් කරගන්නා ලෙසත් ඒ වෙනුවෙන් කර්මාන්ත ඇමතිවරයා ලෙස පැවරෙන වගකීම ඉටුකරලීමට තමන් සුදානම් බවත් එහි දී සියලු සහෝදර සේවක මණ්ඩලයේ සහාය අපේක්ෂා කරන බවත් කෙටි උත්සව සභාවේ අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේය.

එසේ ම ”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් රාජ්‍ය සේවයෙන් ජනතාව අපේක්ෂා කරන අරමුණු සාර්ථක කරගනිමින් ජනතාවට සේවය සලසන වසරක් බවට 2021 වසර පත් කර ගැනීමට අදිටන් කරගන්නා ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

මාධ්‍ය ඒකකය
කර්මාන්ත අමාත්‍යංශය
2021.01.01

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *