ජානිපෙ නායකයෝ අගරදගුරු හිමිපාණෝ බැහැ දකිති

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ජාතික සංවිධායක, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර යන මහත්වරු අද (08) අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් බැහැ දැක ආශිර්වාදය ලබා ගත්හ.
එහි දිී ජානිපෙ නායකයන් සමඟ පැයකට අධික කාලයක් කාදිනල්තුමන් සාකච්ඡාවක ද නිරත වූ අතර බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා සිටියේ රටේ වත්මන් තත්වය පිළිබඳවත් මෙරට කර්මාන්ත ප්‍රවර්ධනය පිළිබඳවත් මෙම සාකච්ඡාවේ දී අදහස් හුවමාරු වූ බව ය.





