Made in Sri Lanka සංකල්පයට අනුව විදුලිබල සේවයට අවශ්‍ය උපාංග ආනයන කිරීම වෙනුවට දේශියව නිපදවීමේ උත්සාහය සාර්ථක වෙයි…

මෙරට විදුලිය බෙදාහැරීම සදහා අවශ්ය වන පරිවාරක උපාංග දේශීයව නිෂ්පාදනය කිරීමේ ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා, විදුලි බල අමාත්ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා, විදුලිබල අමාත්යාංශය , ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා පිගන් සංස්ථාව සහ ක්ෂේත්රයට අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2020.12.17 පැවති සාකච්ජාවක ප්රතිපලයක් ලෙස විදුලි බල මණ්ඩලය විසින් ඔවුන් මේ වනතෙක් භාවිතා කරන ආනයනික උපාංග සාම්පල උපයෝගී කර ගනිමින් දේශීයව නිෂ්පාදනය කල විදුලි පරිවාර උපාංග පළමු වතාවට කර්මාන්ත අමාත්යවරයාට පරික්ෂා කිරීම සදහා ලබාදීම අද (25) කර්මාන්ත අමාත්යංශයේදී සිදු කෙරිණි.

මෙම අවස්තාව ශ්රී ලංකාවේ විදුලි බල ක්ෂේත්රයේ මෙන්ම දේශීය නිෂ්පාදන ක්ෂේත්රයේ වැදගත් සන්ධිස්ථානයකි. දශක ගණනාවක් පුරා මෙරට විදුලි බෙදාහැරිම සදහා අවශ්ය වූ උපාංග විදෙස් රට වලින්න ආනයනය කළ අතර ඒ වෙනුවට ලංකා පිගන් සංස්ථාවේ පුර්ණ මැදිහත්වීමෙන් ඒවා මෙරටදී නිෂ්පාදනය කිරීමට හැකිවීම රටක් වශයෙන් අප ලැබූ විශාල ජයග්රහනයක් බව කර්මාන්ත අමාත්යවරයා ප්රකාශ කළේය.

ආනයනික උපාංග වලට වඩා ශක්තිමත් බවින් වැඩි මෙන්ම, මිල අඩු මෙම දේශීය උපකරණ ඉදිරියේදී විදුලිබල ක්ෂේත්රය සදහා යොදා ගැනීමට අවශ්ය පසුබිම සැකසීමට ඉදිරියේදී කර්මාන්ත සහ විදුලි බල අමාත්යාංශය එක්ව කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කළයුතු බව යෝජනා විය. ලංකා පිගන් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය අතර ඇතිකරගන්නා එකගතාවයට අනුව ඉදිරියේදී මෙම දේශියව නිපදවූ විදුලි පරිවාරක උපාංග මෙරට භාවිතය සදහා යොදාගැනීමට අවශ්ය පසුබ්ම සකසන ලෙස අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

 

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *