“අබාන්ස් මැරයන්ට දේපල පැහැර ගැනීමට බලයක් දුන්නේ කවුද?” – ජයන්ත සමරවීර මුදල් ඇමැතිගෙන් විමසයි

අබාන්ස් මූල්‍ය සමාගම විසින් පුද්ගලික මැර කණ්ඩායම් යොදවා වාරික ගෙවීම් අතපසු වූ අයගේ දේපල අනීතික අයුරින් පැහැර ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඒ අද (13) දින පාර්ලිමේන්තුවේදී, මුදල් අමාත්‍යවරයා වෙත පැනයක් යොමු කරමිනි.

මන්ත්‍රීවරයා විමසා සිටියේ මෙවැනි ක්‍රියාමාර්ග වෙනත් කල් බදු සමාගම් සහ පුද්ගලික බැංකු සහ මූල්‍ය සමාගම් විසින්ද සිදු කරගෙන යන බැවින්, මෙම මැර කටයුතු නතර කිරීම සදහා රජය ගන්නා ක්‍රියාමාර්ගය කවරේද යන්නයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Facebooktwitterredditpinterestlinkedinmail

ඔබගේ අදහස්

Your email address will not be published. Required fields are marked *